News

25 Mar
By: sedadmin 0

ව්‍යාපාරිකයෙක් ණය කළමනාකරණය කරගන්නේ කෙසේද

ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ණය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවාද? ව්‍යාපාරිකයෙක් ණය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි දැනගැනීමට කැමති ඔබ වෙනුවෙන් පැවැත්වෙන පහත වැඩසටහනට ඔබත් එකතුවෙන්න.

 

Topic: ව්‍යවසායකයා හා ව්‍යාපාරික ණය කළමනාකරණය

Time: March 28 2024 10:00 AM Colombo

Every day, until May 8, 2024

Join Zoom Meeting

https://us02web.zoom.us/j/82530395189

Meeting ID: 825 3039 5189

Passcode: 145413

Read More
25 Mar
By: sedadmin 0

ධාන්‍ය ආශ්‍රිත ව්‍යාපාරයක් කරන්න ඔබත් එකතුවෙන්න.

ධාන්‍ය ආශ්‍රිත ව්‍යාපාරයක් සිදු කිරීම කැමති ඔබ වෙනුවෙන් පැවැත්වෙන පහත වැඩසටහනට ඔබත් එකතුවෙන්න.

 

Topic: ධාන්‍ය ආශ්‍රිත අගය එකතුකළ නිෂ්පාදන

Time: March 27 2024 10:00 AM Colombo

Every day, until May 8, 2024

Join Zoom Meeting

https://us02web.zoom.us/j/82530395189

Meeting ID: 825 3039 5189

Passcode: 145413

Read More
25 Mar
By: sedadmin 0

ඇන්තූරියම් ව්‍යාපාරය තුළ ඔබේ සිහිනය ගොඩනගන්න

ඇන්තූරියම් ව්‍යාපාරය තුළ ඔබේ සිහිනය ගොඩනගන්න ඔබත් කැමතිද?

දැනටමත් ඇන්තුරියම් වගාව සිදුකරන හා අලුතින් වගාවට එක්වීමට කැමති නම් පහත Zoom සබැඳිය ඔස්සේ ඔබත් එක්වන්න.

 

Topic: ඇන්තූරියම් වගාව ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම
Time: March 26 2024 10:00 AM Colombo
Every day, until May 8, 2024
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82530395189
Meeting ID: 825 3039 5189
Passcode: 145413

Read More
25 Mar
By: sedadmin 0

ඔබේ ව්‍යාපාරයටත් GMP සහතිකකරණය

යහපත් නිෂ්පාදන පිළිවෙත් සඳහා ලබාදෙන (GMP) සහතිකකරණය ඔබේ ව්‍යාපාරයටත් අවශ්‍යද එසේ නම් GMP සහතිකකරණය ලබා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වීමට පහත Zoom සබැඳිය ඔස්සේ ඔබත් එක්වන්න.

Topic: GMP සහතිකකරණය ලබාගන්නේ කෙසේද?
Time: March 25 2024 10:00 AM Colombo
Every day, until May 8, 2024
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82530395189
Meeting ID: 825 3039 5189
Passcode: 145413

Read More
15 Mar
By: sedadmin 0

හැකියාවට සහතිකයක්…

ඔයාටත් දැන් “RPL” ක්‍රමය යටතේ පිලිගත් පාඨමාළාවක් හදාරන් නැතුව “NVQ” සහතිකයක් ලබා ගැනීමේ හැකියාව තියනවා.

  1. “RPL” ක්‍රමය කියන්නෙ මොකක්ද?
  2. මේ ක්‍රමයට අනුව දැනුමට, කුසලතාවයට සරිලන “nvq” සහතිකයක් ලබා ගන්නෙ කොහොමද?
  3. මොනවද ඒ වෙනුවෙන් අපි කරන්න අවශ්‍ය?

මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර අරගෙන 2024 මාර්තු 19 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 12.00 දක්වා Z-Class එකෙන්. පහතින් තියෙන zoom link එකෙන් ඔබටත් ඒ සමඟ එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

 

සම්පත්දායකත්වය:

මාධව මුතුකුඩආරච්චි මහතා

නිපුණතා සංවර්ධන නිලධාරී

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 

Topic: හැකියාවට සහතිකයක්

Time: March 19 2024 10:00 AM Colombo

Every day, until May 8, 2024

Join Zoom Meeting

https://us02web.zoom.us/j/82530395189

Meeting ID: 825 3039 5189

Passcode: 145413

 

ඒ වගේම මෙම වැඩසටහනේ ඉදිරි කටයුතු සහ ඔබට අවශ්‍ය තොරතුරු නිරන්තරයෙන් දැනගැනීමට , හුවමාරු කරගැනීමට පහතින් දැක්වෙන අපගේ ” හැකියාවට ශක්තියක් ” Whatsapp සමූහය සමගින් එකතුවෙන්න කියලා අපි ආරාධනා කරනවා.

https://chat.whatsapp.com/Fb8r0ZwH3vlIfQcY6xIl9K

Read More
12 Mar
By: sedadmin 0

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් කාන්තාවන් සදහා ම විශේෂ වැඩසටහනක්….

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් දිවයින පුරා කාන්තාවන් සදහා ම සිදුකළ විශේෂ ප්‍රායෝගික ආයුර්වේද රූපලාවන්‍ය වැඩසටහන  2024 මාර්තු 11 වැනිදා පෙ.ව 10.00ට රත්නපුර දිස්ත්‍රික්කය මූලික කරගෙන පවත්වන ලද අතර මෙම වැඩසටහන සඳහා 70 කට ආසන්න කාන්තාවන් පිරිසක් සහභාගීවිය.

Read More
05 Oct
By: sedadmin 4

කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළු මාලාවක් ඔක්තෝම්බර් 4 වනදා සිට..

කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළු මාලාවක් අද සිට…

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් සිදුකරන කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළු මාලාව අද 2021 ඔක්තෝම්බර් 4 වැනිදා සිට ආරම්භවන අතර ඒ යටතේ

  1. පවුල් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 4,6,11,13,18,25 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට 12.00 දක්වාද,
  2. තනි පුද්ගල ව්‍යපාර කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළුව 2021 ඔක්තෝම්බර් 4,6, 11 සහ 13 යන දිනයන්හිදී සවස 2.00 සිට 4.00 දක්වාද,
  3. සේවකයන් සහිත ව්‍යාපාරයක් කළමනාකරණය කරන්‌නේ කෙසේද? යන්න පිළිබඳව පැවැත්වෙන මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 18, 25, 27 සහ නොවැම්බර් 1 යන දිනයන්හිදී ප.ව 2.00 සිට 4.00 දක්වාද,
  4. සේවා ව්‍යාපාර කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න පිළිබඳව මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 18,25,27 සහ නොවැම්බර් 1 යන දිවනල පෙ.ව 10.00 – 12.00 දක්වාද,
  5. අභියෝග හමුවේ ව්‍යාපාර කළමනාකරණය කරගන්නේ කෙසේද? යන්න පිළිබඳ මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 8,10,15,18 යන දිනයන්හිදී 10.00 – 12.00 දක්වාද zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

 

Read More
05 Oct
By: sedadmin 3

දීඝායු කොළ කැඳ ව්‍යාපෘතිය ඇරඹේ

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සූදානම්වන දීඝායු කොළ කැඳ ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් සබරගමුව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ පිළිබඳ මූලික දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2021.9.1 අද දින ව්‍යවසායකයින් 60කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගෙන ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

Read More
23 Jun
By: sedadmin 2

Cyber SED වෙබ් පිවිසුම් හරහා දියත්කල “කාබනික පොහොර නිෂ්පාදනය“ දැනුවත් කිරීම

Cyber SED වෙබ් පිවිසුම් හරහා දියත්කල “කාබනික පොහොර නිෂ්පාදනය“ දැනුවත් කිරීම.

 

“හරිත රටක් වසවිස නැති හෙටක් “ තේමාව යටතේ සෞභාග්‍යයේ දැක්ම ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුඑමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා    වූ කාබනික පොහොර නිෂ්පාදන වේගවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව තරුණ ව්‍යවසායකයන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි  යොමු කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද මාර්ගගත දැනුවත් කිරීම සාර්ථකව අවසන් වෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් ප්‍රථම වරට දිවයින පුරා  1900කට ආසන්න තරුණ පිරිසකගේ සහභාගීත්වයකින් පවත්වන ලද මෙම වැඩමුළුවේ සමාරම්භක මොහොතට  සම්බන්ධවෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ සිය අදහස් ප්‍රකාශ කරන ලදි.

තරුණ ව්‍යවසායක ප්‍රජාව වෙනුවෙන්ම ජනගත කරන ලද Cyber SED වෙබ් පිවිසුම් හරහා පවත්වන ලද ප්‍රථම මාර්ගගත දැනුවත් කිරීමේ වැඩසටහන  සාර්ථක කර ගැනීම සඳහා , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මාකඳුර තිරසාර කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සමෘද්ධි  දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ආයතන සිය සම්පත්දායකත්වය ලබා දෙන ලදි.

මෙහිදි කාබනික පොහොර වෙළඳපල තුල පවතින වර්මාන අවස්ථාවන්, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සපුරා ගතයුතු මූලික අවශ්‍යතා, තාක්ෂණික සහය ලබාදීම සහ ප්‍රමිතිය පවත්වා ගැනීම මෙන්ම  කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය මූල්‍ය ආයතන මගින්  හඳුන්වාදී ඇති ණය යෝජනා ක්‍රම පිළිබඳ  සහභාගී වුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.

වැඩමුළුව අවසානයේ මෙම සියළු ආයතන සම්බන්ධ කර ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා පිවිසෙන  තරුණ  ව්‍යවසායකයන් වෙනුවෙන්  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙ සහය හා මගපෙන්වීම ලබාදීමට ක්‍රියාත්මක  වැඩපිළිවෙල  හා ඒ සමග සම්බන්ධ වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදි.

Read More
11 Jun
By: sedadmin 3

SEDD සහ ‘’සන්ලයිට් මනුදම් වියමන” එක්ව ව්‍යවසායක ඔබව බලගැන්වීමට සූදානම්

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ SINGER Fashion Academy හි සහයෝගීතාව ද ඇතිව යුනිලිවර් ආයතනයේ සන්ලයිට් මනුදම් වියමන අරමුදල මගින් COVID 19 වසංගතය හමුවේ පීඩාවට පත් ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නගා සිටුවීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන් මගින් ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ කුසලතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන්ම සැකසුණු වටිනා පුහුණු පාඨමාලා ගණනාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ නොමිලේ හැදෑරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මේ සමග ලියාපදිංචි වී සාර්ථකව පාඨමාලාව අවසන් කරන ව්‍යවසායකයන් අතුරින් තෝරාගත් 250කට තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම සඳහා මුදල් ත්‍යාග හිමිවනු ඇත.

Read More