News Detail

Admin March 22, 2019

තරුණ ව්‍යවසායකයන්ට තුරුණු දිරියෙන් මිලියන 180 ක ණය

තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය හා ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන තුරුණු දිරියණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 180 ක් රට පුරා විසිරී සිටින ව්‍යවසායකයින්ට ලබාදී ඇත.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ලංකා බැංකුව විසින් මාර්තු මස 26 වැනිදා නිකුත් කළ වාර්තාවට අනුව රට පුරා තරුණ ව්‍යවසායකයින් 427 ක් අතර මෙම මුදල ණය වශයෙන් ලබාදී තිබේ. එමෙන්ම වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කළ පළාත් ලෙස බස්නාහිර සහ සබරගමුව පළාත් ඉදිරියෙන්ම සිටී.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන තුරුණු දිරියණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර, එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළි, වයස අවුරුදු 40 ට අඩු තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබාදෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *